2019 මාර්තු මස 13 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *