යුරෝපය ගංවතුරින් යටවෙයි

floodurope633 newමේ දිනවල යුරෝපය පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජර්මනියේ, ප්‍රංශයේ සහ ඔස්ට්‍රියාවේ නගර සහ ගම් බොහෝ ගණනක් ගංවතුර තර්ජනයකට මුහුණදී ඇත. දැනට ගංවතුරෙන් යටවෙමින් පවතින්නේ ලෝකයේ දියුණුම රටවල් වුවද මෙවන් විපතක් පිලිබඳ අනතුරු හැඟවීමක් කිරීමට එම රටවල කාලගුණ විද්‍යාඥයින් හට හැකිවුයේ නැත. 
මේ හේතුවෙන් බොහෝ පිරිසක් ගංවතුර උවදුරට ගොදුරුවු බව වාර්තාවී ඇත.
එසේ වුවත් එම එකම රටකවත් ජනමාධ්‍ය මඟින් පිළිබඳව රජයන් හෝ බලධාරීන් විවේචනයට ලක්කිරීමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට සියලුම ජනමාධ්‍ය හරහා ගංවතුරෙන් ආරක්ෂාවීම පිළිබඳව අත්‍යාවශ්‍ය තොරතුරු මහජනතාව වෙත සැපයීමට දිවා රාත්‍රියේ වෙහෙසෙන බවක්ද දක්නට ඇත.
දැනට වාර්තාවී ඇති අන්දමට ප්‍රංශයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර ගේදොර, පශු සම්පත් සහ වතුපිටි වලට විශාල වශයෙන් අලාභ හානි සිදුවී ඇත.
මේ අතර බවෙරියාවේ සිම්බාර්හ් නඟරයේ නිවාස තුළ ජලයේ ගිලි මියගිය පුද්ගලයින් හතර දෙනකුගේ මළ සිරුරු හමුවූ බවද ඒජන්සි වාර්තාවල දැක්වෙයි. 
බ්‍රහස්පතින්දා සවසවරුවේ සිට පැරිසියේ ලොව පතල ලුව් කලා භවන, අයිෆල් කුලුන ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවීම හේතුවෙන් වසා දැමීමට සිදුවූ බවද සඳහන් වෙයි.
ජලගැල්මෙන් විපතටපත් සියලුම දෙනා බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ඔවුන් හිරවී සිටි ස්ථානවලින් බේරාගැනීමට කටයුතු යොදා ඇත.
මේඅතර පාසල් සිසුහුද බොහෝ ගණනක් වෙති.
වසර 150 කට ඉහත කාලගුණ වාර්තා සකස්කිරීම ආරම්භවූ වකවානුවේ සිට මෙතෙක් ඇතිවූ දරුණුතම ජලගැල්ම මෙය බව ප්‍රංශයේ ජාතික කාලගුණ වාර්තා ආයතනය කියයි. යුරෝපයේ බොහෝ රටවල ජුනි මාසය පුරා වැසි සහිත කාලගුණයේ වෙනස් නොවන බවටද අනතුරු හැඟවීම් කර ඇත.(lankadeepa-තිස්ස මඩවල)

යුරෝපා ගංවතුර
යුරෝපා ගංවතුර
URP (2)
යුරෝපා ගංවතුර
URP (3)
යුරෝපා ගංවතුර
URP (4)
යුරෝපා ගංවතුර
URP (5)
යුරෝපා ගංවතුර

ලංකාවත් ආපදා රටවල් අතරට-ඔරොත්තු නොදෙන සංවර්ධනය භයානකයි

SSSSමිහිතලයට දරා ගත හැකි සංවර්ධනයකින් තෘප්තිමත් වීමට මිනිසාට බල කෙරෙන පාරිසරික සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ජනතාව අතරට ගෙන යා යුතු බව ලෝක පරිසර දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
දැන් දැන් ස්වභාවික විපත් වලින් පීඩා විඳින රටවල් අතරට එක් වෙමින් සිටින අප ද පරිසරය පිළිබඳ මෙම පණිවුඩය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බද ඒ මහතා පවසයි.

ලොව දිගම උමං දුම්රිය මගේ ළඟදීම යන්න

2(2309)ලෝකයේ දිගම හා ගැඹුරුම උමං දුම්රිය මාර්ගය ස්විට්සර්ලන්තයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.

දශක දෙකකට අධික කාලයක් පුරා සිදුකළ ඉදිකිරීම් අවසන් කරමින් කි.මීටර් 57ක් දිග, ද්විත්ව මාර්ග දුම්රිය උමං මාර්ගය උතුරුදිග හා දකුණුදිග යුරෝපය යා කරමින් ස්විස් ඇල්ප්ස් කඳුකරය හරහා වැටී තිබේ.

මෙය යුරෝපීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය අවස්ථාවක් වනු ඇති බව ස්විට්සර්ලන්තය කියයි.

වර්තමානයේදී වර්ෂයකට ලොරි රථ මිලියනයකට වැඩි ප්‍රමාණයක් භාණ්ඩ පටවාගෙන දීර්ඝ මාර්ගයක ගමන් කරයි.

එමෙන්ම, මෙම දුම්රිය උමං මාර්ගය කි.මී. 53.9ක් දිග ජපානයේ සෙයිකාන් උමං දුම්රිය මාර්ගය මෙන්ම, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යා කරන කි.මී, 50.5ක් දිග උමං මාර්ගයද පරාජයට පත්කොට තිබේ.ada.lk

1_Tunnel

 

හරම්බේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක්

1_Harambeමේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති හරම්බේ ගෝරිල්ලාගේ මරණයෙන් පසුව, එම ගෝරිල්ලාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ඇරඹී තිබේ.

ඇමෙරිකාවේ, සින්සිනාටි සත්වෝද්‍යානයේ සිටි මෙම ගෝරිල්ලා රඳවා සිටි කූඩුව තුළට අවුරුදු 3ක් වයසැති දරුවෙකු වැටුණු පසුව, එම දරුවාට ගෝරිල්ලාගෙන් අනතුරුක් වනු ඇතැයි සිතා 17 වියැති හරම්බේ මරා දැමීමට සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්, මේ වනවිට එම සත්වයාගේ හැසිරීම සාමාන්‍ය හැසිරීමක් බවත්, දරුවාට අනතුරක් කිරීමේ හැසිරීමක් හරම්බේ පෙන්වා නොමැති බවත් විශේෂඥයන් පැවසීමත් සමග එම දරුවාගේ දෙමවුපියන්ට මෙන්ම, සත්වෝද්‍යාන බලධාරීනටද එරෙහිව සමාජජාල ඔස්සේ දැඩි විරෝධතාවක් එල්ල වන්නට විය.

විශේෂයෙන්ම දරුවා ගෝරිල්ලාගේ කූඩුවට වැටෙන තුරු දෙමවුපියන් නොසැලකිලිමත් වූ බවත්, සත්වෝද්‍යාන බලධාරීන් ගෝරිල්ලා නිර්වින්දනය නොකර මරා දැමීමට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පවසමින් අන්තර්ජාල පෙත්සමක් පවා අත්සන් කරමින් පවතී.

අතිශය දුර්ලභ ගෝරිල්ලෙකු ලෙස සැලකෙන හරම්බේ තමන්ගේ 17 වැනි උපන්දිනය යෙදී තිබූ දිනට පසුදින මෙම අවාසනාවන්ත ඉරණමට ලක්වූ බවද කියැවෙයි.  

 

ලොව ඉහළින්ම පිහිටි විලක ජලය අඩු කිරීමට යයි

2(2312)නේපාලයේ එවරස්ට් කඳුකරයේ අයිස් ග්ලැසියර ආශ්‍රිත ලොව වැඩිම උසකින් පිහිටි ඉම්ජා විලේ ජලය ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු යොදා තිබේ.

මෙම විලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ඉවුරු කඩාගෙන ගොස් පහත් බිම් යටවීමේ අවධානයක් පවතින බවට වූ අනතුරු ඇඟවීමක් මෙම හදිසි ක්‍රියාමාර්ගයට හේතුව බව කියයි.

විලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විල් ඉවුර විනාශ කර ගෙන පහත් බිම් වලට ජලය ගලා ඒමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයන් විසින් සිදු කළ අනතුරු ඇඟවීමක් මෙම හදිසි මෙහෙයුමට හේතු වී තිබේ.

මෙම ඉම්ජා විල පොළෝ මට්ටමේ සිට අඩි 5,010 ක් පමණ උසකින් පිහිටා අති අතර, එම ජලය හානියක් නොවන පරිදි පහත් බිම් කරා රැගෙන ඒමට එරට හමුදාව ප්‍රමුඛ කණ්ඩායම් යොදවා තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේ දැකිය හැකි කාලගුණික විපර්යාසයන්ද මෙසේ මෙම විල ආශ්‍රිත ජල මට්ටම් ඉහළ යාමට හේතු වී ඇති අතර, එවැනි කාලගුණ විපර්යාසයන් හමුවේ සිදුවන හානි අවම කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා නේපාලය අතර ඇති කරගත් අවබෝධතාවක්ද මෙම පියවරට හේතු වී ඇත. 

 

ඇමෙරිකානු ඡන්ද සටනේ උණුසුම වැඩිවේ


1_America (1)ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවෙත්ම, තරග බිමේ සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකිනෙකාට චෝදනා කරගන්නා තත්ත්වයක් ඇති වී තිබේ.

මෙවර ජනපති සටනේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසා තිබුණේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයේ ඉදිරියෙන් සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරුදායක හා ව්‍යාකූල චරිතයක් බවය.

කැලිෆෝනියාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි පිරිස් සමග ඔහුගේ ආධාරකරුවන් ඇති කරගත් ගැටුමක් සම්බන්ධයන් අදහස් දක්වමින් හිලරි මෙම අදහස් පළ කර තිබුණි.

එහිදී, ඔහුගේ මැතිවරණය ව්‍යාපාරිය ඓතිහාසික අත්වැරැද්දක් බවද හිලරි පවසා තිබුණි.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහාය දක්වන පිරිස් වෙත විරෝධතාකරුවන් බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එම ගැටුම ඇති වී තිබුණි.

මේ අතර, ජනාධිපති මැතිවරණ සටනේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය විරුද්ධ පක්ෂ අපේක්ෂකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් මෙන්ම, ඔහුට එරෙහිව නැගී සිටින බොහෝ මාධ්‍යවලින්ද බේරී අතිශය අසීරු ගමනක් යෑමට සිදුව තිබේ.

කෙසේ වෙතත්, මේ දක්වා ඒ සියලු බාධක මැද ට්‍රම්ප් සිය ඡන්ද බලය තහවුරු කරගෙන සිටින බවද විචාරකයෝ පෙන්වා දෙති.

 

ආපදා පත් පාසල් හදන්න හමුදාව

imagesජල ගැල්මෙන් හා නාය යාමෙන් හානි වූ පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි වහා ඉදි කිරීමට යුද හමුදාවට බාර දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.
ඒ අනූව ටෙන්ඩර් කැඳවීම් වැනි ක්‍රියා මාර්ග අවශ්‍ය නොවන බව ද ජනපති පවසයි. අවතැන් වූ සියලු දෙනාටම කඩිනමින් සහන සැලසීමට මුදල් සපයන බව ද ජනපති සඳහන් කරයි.lankadeepa

රත්නපුර කුමර විද්‍යාලය විසිවැනි ජන්මදින සමරති

SSSවෙසක් මාසයේ දහවෙනිදාට යෙදී තිබු රත්නපුර නව නගර කුමර විද්‍යාලයේ විසිවැනි ජන්ම දිනය සැමරීම විදුහල්පති ඔනිල් සිරිවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියාදා විද්‍යාලයේ දී පැවැත්විණ.  මවුවරුන්ය සත්කාර කිරීමේ විශේෂ වැඩසටහන් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබූ අතර රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගැබිණි මවුවරුන්ට පෝෂණ තිළිණයක් ලබාදීම හා රත්නපුර ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන නේවාසිකයින් වෙනුවෙන් ඔසු පැන් සංග්‍රහයක් හා තිළිණයක් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණ.ගුරු දෙගුරැ සිසුන් එක්ව රැපියල් ලක්ෂ පහක වියදමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. විද්‍යාලයීය ආචාර්යය ගරැ කෝට්ටයාකන්දේ මේධාවංශ හිමිගේ අනුශාසනා මත නියෝජ්‍ය විදුහල්පති ලයනල් ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන්, ආචාර්යය මණ්ඩලය, දෙමවුපියන් හා දරුවන් එක්ව වැඩ සටහන ක්‍රියාත්මක කළේය.

 

DDDD Untitled-1