වසර 37කට පසු ජනපති මන්දිරය සහ ගෝර්ඩ්න් උයන මහජනයාට

13339620_10154107291671327_668069264628983039_nකොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩ්න් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ අනුව බදාදා (7) සිට ජූනි 14 වැනිදා දක්වා එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර  සමාරම්භක උත්සවය බදාදා පස්වරු 2.00 ට ජනාධිපතිතුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුකාරවරුන් 29කට සහ ජනාධිපතිවරුන් හයදෙනකුට තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා වෙන්වී තිබූ නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය හා ගෝර්ඩ්න් උද්‍යානය වසර 37කට වැඩි කාලයක් වසා තැබිණි.
පසුව එය රාජ්‍ය නායක නිල නිවාසයක් වශයෙන්ද යොදා ගැනිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ජනාධිපති මන්දිරය සහ අවට ප‍්‍රදේශය අධි ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබුණි.
වත්මන් ජනපති බලයට පත්වීමත් සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප‍්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරිණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති මන්දිරය සිය නිල නිවාසය වශයෙන් යොදා නොගන්නා අතර එය රාජකීය අමුත්තන් පිළිගැනීම ඇතුළු විශේෂ අවස්ථා සඳහා පමණක් යොදා ගනී.
077- 3086366 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති සහකාර ලේකම්, විමර්ශන චතුරංග මහතා සම්බන්ධ කර ගැනීම මගින් මෙය නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට සහ ජනතාවට වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජගෙදර ඉතිහාසය යටත්විජිත සමය දක්වාම දිවයන්නකි. අද රජගෙදර පිහිටි භූමිය පෘතුග‍්‍රීසි පාලන යුගයේ දේවස්ථානයකි.
එක්දහස් පන්සිය පහේදී පෘතුගී‍්‍රසින් ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ කොටුවේ උසම භූමියේ ශාන්ත ෆ‍්‍රැන්සිස් දේවස්ථානය ඉදිකළහ. දේවස්ථාන අසල ෆ‍්‍රැන්සිස් පූජකාරාමයක් ද ඉදිකළ අතර එකල මියගිය පෘතුගී‍්‍රසි ප‍්‍රධානීන්ගේ මෘත ශරීර තැන්පත් කළේද මේ බිමේය.
මේ බිමෙහි  ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව දෙමහල් මැදුරක් ඉදිකළේ එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එන්ගල් බැක්ය. කලින් කලට නවාංග එක්වූ එම මන්දිරය රජගෙදර නැමති මහා මන්දිරය ගොඩනැගීමට පසුබිම සැකසීය.
1782 දී බි‍්‍රතාන්‍ය හමුදාව කොළඹ කොටුවට පහරදී ලන්දේසින් යටත් කර ගත්තද එන්ගල් බැක් මේ නිවසින් බැහැර නොවීය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්‍රික් නෝර්ත් යටතේ රජයේ ආදායම් නිලධාරියා ලෙස සේවය කළ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි අතින් රජයේ විගණන වාර්ථාව අනුව පවුම් දස දහසක් අඩු වුයෙන් ඔහුගේ බිරිඳ වන එන්ගල් බැක්ගේ මිණිපිරිය තම සැමියා බේරා ගැනීමේ අරමුණින් මෙම නිවෙස රජයට පවරාදීමට තීරණය කළාය.
පවුම් අටදහස් හත්සියයකට ඇස්තමේන්තු කළද ඉතිරි පවුම් ගණන අඩුකර සින්න කරගැනීමට බි‍්‍රතාන්‍ය රජය කැමති වුයෙන් 1804 ජනවාරි 17 වැනිදා මෙම නිවස රජයට පවරා ගැනිණි. (lankadeepa)

ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය 

p-2 p-3 p-4 p-5 p-6 p-7 p-8 p-9 p-10

 

සුළි කුණාටුව සිඩ්නි වෙරළින් මීටර් 50ක් ගිල ගනී


sidnyසිඩ්නි නුවර, කොලරෝයි වෙරළ තීරයේ වූ අධි සුඛෝපභෝගී නිවාස රැසක් අයහපත් කාලගුණයත් සමග ඇති වූ දැවැන්ත රළ පහරට හසුවීම නිසා කඩා වැටීමේ අවදානමක පවතී.

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා හමාගිය කුණාටු සහිත කාලගුණය නිසා වෙරළ තීරයේ මීටර් 50ක් පමණ ඛාදනය වී ඇති බව කියැවෙයි.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තිදෙනෙකු තවමත් අතුරුදන්ව සිටියි.

මෙම අයහපත් කාලගුණය නිසා දැඩි පීඩාවකට පත් ටස්මේනියානු ප්‍රාන්තයේ පැවති ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බවද විදෙස් වාර්තා පවසයි.

මෙම ජල තීරයේ වූ ඩොලර් මිලියන ගණනක් වටිනා නිවාස මෙන්ම, දැනට ඉදිවෙමින් පවතින නිවාස ව්‍යාපෘති රැසක්ද මේ අයහපත් කාලගුණය නිසා දැඩි අවදානමකට පත්ව තිබේ.

7479900-3x2-700x467

 

PHOTO: Beachside homes damaged by a storm at Collaroy in Sydney's north. (Fairfax Media: Peter Rae)

 

වෝනර් ඕස්ටේ‍්‍රලියාවට ජය ගෙනෙයි

CRICKET-TRI-WIS-AUSබටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ගයානාහිදී පැවැති දෙවැනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලූ 6 ක ජයක් අත්කරගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ (5 වැනිදා) සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ  ඕවර 25.4 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කළ ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.
පළමු කඩුල්ල වෙනුවෙන් ඒරන් ෆින්ච් (19) සමග එක්ව පන්දු 46 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් උස්මාන් කවාජා (27) සමග එක්ව පන්දු 56 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 30 කදී වාර්තා වූ ඒරන් ෆින්ච්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 38 කදී වාර්තා වූ උස්මාන් කවාජාගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 116 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕස්ටේ‍්‍රලියානු දඟ පන්දුයවන කී‍්‍රඩකයන් දෙපළ වන නේදන් ලයන් සහ ඇඩම් සම්පා කඩුලූ 3 බැගින් දවාගනිමින් කොදෙව් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූහ.
කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජොන්සන් චාල්ස් පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 22 ක් රැස්කළේය.

බටහිර ඉන්දීය කොදෙව් පිල –  ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 116
(ජොන්සන් චාල්ස් 22, කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට් 21, ඩැරන් බ‍්‍රාවෝ 19, ඇඩම් සම්පා 16/3, නේදන් ලයන් 39/3, මිචෙල් ස්ටාක් 37/2)
ඕස්ටේ‍්‍රලියානු පිල –  ඕවර 25.4 කදී කඩුලූ 4 ක් දැවී 117
(ඬේවිඞ් වෝනර් නොදැවී 55, ඒරන් ෆින්ච් 19, උස්මාන් කවාජා 27, සුනිල් නරේන් 36/2)

(lankadeepa)wisden

විලියම් ගොපල්ලව ශූරතාව විද්‍යාර්ථ විදුහලට

vidකොළඹ ආනන්ද විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල අතර  48 වැනි විලියම් ගොප්ල්ලව ශූරතා පලිහ වෙනුවෙනු පැවති  රග්බි තරගයෙන් ලකුණු 32-10 ක පහසු ජයක් හිමි කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදී ආනන්ද විදුහල ඉදිරියෙන් සිටියේ ලකුණු 10-05 ක් ලෙසිනි.(ada.lk) පින්තූර- අද පුවත්පත

 

සීතාවක පාසල් 17 ක් හෙට වැසෙයි

_DSC1098සීතාවක අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 17 ක් හෙට (07දා) වසා තැබීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පවසයි.

පිපිරීම සිදුවීමත් සමග දැන්වු පිරිදි සීතාවක, පාදුක්ක හා දොම්පේ අධ්‍යාපන කොට්ඨාසවලටඅයත් පාසල් අද (06දා) වසා තැබුණු අතර පහත නම් සඳහන් පාසල් 07 හැර ඉහත කොට්ඨාසයන්හි සියලුම පාසල් හෙට දින (07දා) සිට විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

1.   අකරවිට මහා විද්‍යාලය 2.   සාලාව වත්ත කනිෂ්ඨ විද්‍යාලය 3.   කලුඅග්ගල සිද්ඨාර්ථ කනිෂ්ඨ විද්‍යාලය 4.   කොස්ගම සුමේධ කනිෂ්ඨ විද්‍යාලය 5.   ශාන්ත ජොන් බොස්කෝ මහා විද්‍යාලය 6.   කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය 7.   කොස්ගම මහා විද්‍යාලය

හෙට දිනයේ වසා තබනු ලබන මෙම පාසල් පිපිරීම සිදුවූ කඳවුරේ සිට කිලෝමීරයක දුරින් පිහිටා තිබේ. ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත්තේ එම පාසල් පිරිසුදු කිරීම සහ ගොඩනැගිලිවල තත්ත්වය පරික්ෂා කළ යුතු බැවින් ඒ සඳහා අවස්ථාව ලබා ගත යුතු බවයි.

මෙම පාසල්හී ගොඩනැගිලි පළුදුවීම හා අන්තතරාදායක අලභාහානී තිබිය හැකි බැවින් එම පාසල් පිහිටා ඇති ප්‍ර‘දේශවල ග්‍රාම නිලධාරී වසම 09 ක ජනතාව තවදුරටත් ප්‍ර‘දේශයෙන් ඉවත්ව සිටින බැවින්ද පාස් වසා තැබීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත්  පවසයි.(ada.lk)

 

මොරටු සිසුහු ස්වයංක‍්‍රීය අන්වීක්‍ෂයක් නිපදවති

Microscope-1ක්ෂය රෝගකාරක බැක්ටීරියාවල නියැඳි පරීක්‍ෂා කළ හැකි ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන අන්වීක්‍ෂයක් නිපදවීමට මොරටු විශ්ව විද්‍යාලයයේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
මොරටුව විශ්ව විද්‍යාලයීය යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තු අවසන් වසර සිසුන්ගේ සැලසුම් නිර්මාණ හා පර්යේෂණ ව්‍යාපෘති  ප‍්‍රදර්ශනයට එම දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ   රුවන් සම්පත් , මිහිර තිලකරත්න සහ තමාෂා සමරසිංහ යන සිසුන් තිදෙනා විසින් මෙම ස්වයංක‍්‍රීය අන්වීක්ෂය නිපැදවුහ.
මෙම අන්වීක්‍ෂය විදුලිබලය උපයෝගී කර ගෙන ක‍්‍රියාත්මක වන අතර විදුලි බලයෙන්  ඕනෑම කාලයක් මෙය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.
ක්ෂය රෝග මර්දන ජාතික ව්‍යාපාරයට අනුබද්ධිත මධ්‍යම ළය චිකිත්සාගාරයේ විශේෂඥ වෛද්‍ය අමිත ප‍්‍රනාන්දු සහ වෛද්‍ය දුලාංග රත්නායක යන මහත්වරුන් මෙම ස්වයංක‍්‍රීය අන්වීක්ෂය නිපදවීම සඳහා ඔවුන්ට වෛද්‍යමය උපදෙස් සහ නියැඳි ලබාදී තිබේ.
යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුවන් ගෝපුර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ යන මහත්වරු උපදෙස් දී  මඟ පෙන්වුහ.

ගයාන් සූරියආරච්චි-ලංකාදීප

Microscope-2

ඕනෑම තැනකට දාන්න පුළුවන් රොබෝ අතක්

Robot-Hand-8මිනිස් අතකට මෙන්ම සාමාන්‍ය රොබෝ අතකට වුවද ළඟාවිය නොහැකි තැන්වලට පහසුවෙන් ළඟා විය හැකි සුනම්‍ය රොබෝ අතක් නිපදවීමට මොරටු විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සමත්වී සිටිති.
මොරටු විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රියංග දේශප‍්‍රිය, ගයාන් සම්පත් හා සංඛ විජේකෝන් යන සිසුන් තිදෙනා මෙම රොබෝ අත නිපදවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිරෝෂ් ජයවීර හා කථිකාචාර්ය අසිත කුලසේකර යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේය.
මෙය  මිනිස් කශේරුකාවේ නම්‍යශිලීතාව පාදක කරගෙන නිර්මාණය කර තිබේ. එක හා සමාන වූ කශේරුකා වැනි කොටස්වලින් මෙය සම්බන්ධවේ. එම සෑම කොටසකටම ත‍්‍රිමාණ අවකාශයේ  ඕනෑම පැත්තට නැමීමේ හැකියාව ඇත. මෙහි ඒකක වෙන වෙනම ක‍්‍රියාකරවන අතර එමගින් මීට වඩා වැඩි නම්‍යතාවක් ලබාදී ඇත.
‘‘ මේ රොබෝ අතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ත‍්‍රිමාණ අවකාශයේ විශාල ප‍්‍රදේශයක් ආවරණය කරමින් බාහිර බලපෑම් දරා ගත හැකිවීමයි. එමෙන්ම රොබෝ අත  ක‍්‍රියාකරන අවකාශය අනුව නිර්මාණයේ පරාමිතීන් පහසුවෙන් වෙනස් කළ හැකිවීමද මෙහි ඇති තවත් සුවිශේෂත්වයක්.’’
‘සාමාන්‍යයෙන් ළංවිය නොහැකි මෙන්ම බාධා සහිත වූ සීමිත පරාසයක් තුළ සිදුකරන ක‍්‍රියාකාරකම් සඳහා මෙය මහත් පිටිවහලක් ලබා දෙනවා. උදාහරණ වශයෙන් ස්වයංක‍්‍රීය රොබෝ පද්ධති මගින් සිදු කරන ශල්‍යකර්ම, ආපදා අවස්ථාවලදී සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරා ගැනීමට මෙය ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. එමෙන්ම  අන්තරාදායක රසායනික ද්‍රව්‍ය හෝ විකිරණශීලි මුලද්‍රව්‍ය රඳවා ඇති කුටීර තුළට කුඩා සිදුරකින් ඇතුළු වී සේවා කටයුතු කිරීම හා ගුවන් යාන නිෂ්පාදන හෝ අලූත්වැඩියා කටයුතුවලදී යානාවල තටු තුළ සිදුකරන පරික්ෂා කටයුතු සහ නිමවුම් සඳහා මෙම රොබෝ අත පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මෙම රොබෝ අත දුරස්ථ පාලකයක් මගින් ක‍්‍රියා කිරීමට අපි සකස් කර තිබෙනවා. මෙය තවදුරටත් වැඩි දියුණු කර රටට ඵලදායී ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා‘ ආචාර්ය නිරෝෂ් ජයවීර මහතා පැවැසීය.

ගයාන් සූරියආරච්චි-ලංකාදීප

robohand_2016513 Robot-Hand-2 Robot-Hand-4

එන්සයිම ඌණතාව වකුගඩු ලෙඩේ නෑයෙක්

Prof-Shaminiළදරු අවධියේ සංකූලතා ඇතිකිරීම, ලේ අඩුකම, අධික රක්තානු විනාශය සහ වකුගඩු අකර්මන්‍යතා ඇති කරන ග්ලූකෝස් 6 ෆොස්පේට් ඩිහයිඩ‍්‍රජනේස් (ජී6පීඩී) එන්සයිම ඌණතාවයේ ජානමය විකෘතිතා හඳුනාගැනීමේ පර්යේෂණයක් මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ සිදුකෙරමින් පවතී.
පරපෝෂවේදී අංශයේ මහාචාර්ය ශාමිණී ගුණවර්ධන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ජාතික පර්යේෂණ සභාව මීට මූල්‍ය දායකත්වය සපයයි.
මෙය ලොව බහුලවම දක්නට ලැබෙන එන්සයිම ඌණතාව වන අතර ලොව පුරා මිලියන 400 කට අධික පිරිසක් මේ තත්ත්වය හේතුවෙන් පීඩා විඳිති. ජී6පීඩී එන්සයිමය හා සම්බන්ධ ජානය පිහිටා ඇත්තේ  x වර්ණදේහය මතයි. දැනට මෙම ජානයේ විකෘතිතා අවම වශයෙන් 186 ක් පමණ හඳුනාගෙන ඇත. 
“ලංකාවේ මෙම ජී6පීඩී එන්සයිම ඌණතාවය පිළිබඳ දැනුම ඉතා අල්පයි. මේ පිළිබඳව අපි සිදුකල මූලික පර්යේෂණයන්ට අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් 14%ක් පමණ මෙම ඌණතාවයෙන් පෙළෙන බව සොයා ගැනීමට හැකිවුණා. එහෙත් ලංකාවේ මෙම ඌණතාවයට අදාළ ජාන විකෘතිතා මොනවාදැයි මෙතෙක් සොයාගෙන නැහැ.”
“ප‍්‍රිමාක්වින් සහ ඩැප්සොන් වැනි ඖෂධ වර්ග ගැනීමේදි මෙම ඌණතාවය ඇති පුද්ගලයින් තුළ රක්තානු විනාශවීමක්  සිදු විය හැකි අතරල මෙම ඖෂධවලින් සුව කෙරෙන මැලේරියාව සහ ලාදුරු රෝග මෙරටින් තුරන්කිරීමේ උත්සාහයන්ට එය බලපාන්න පුළුවන්. නවතම පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ වකුගඩු රෝගීන් අතර මෙම එන්සයිම ඌණතාවය බහුල බවයි. ඒ අනුව ජී6පීඩී ඌණතාව හා වකුගඩු රෝග අතර යම් සබඳතාවක් තියෙන්න පුළුවන්.”
“ජී6පීඩී ඌණතාවට කුමන විකෘතිතාවල බලපෑමක් ඇත්දැයි සොයාගැනීම ඉතා වැදගත් වන අතර ජාන විකෘතිතා සහ එන්සයිම ඌණතාව අතර ඇති සබඳතාව හඳුනාගැනීමෙන් ඊට අදාළ සංකූලතා පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට එම දත්ත ඉවහල් වෙනවා.’’ යැයි මහචාර්ය ගුණවර්ධන මහත්මිය පැවැසීය.

(ගයාන් සූරියආරච්චි-,ලංකාදීප)

Pictures-1 (1)Pictures-2

රොෂාන් මහානාමගෙන් පාසලක්

13327632_1015 (1)වෙහෙරතැන්න ගමට ප්‍රාථමික විද්‍යාලයක ඉදිකර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ හිටපු තරග තීරකයෙකුද වෙන රොෂාන් මහානාම කටයුතු කර තිබෙනවා. කිලෝමීටර් 14ක් දුර පාසලකට ගිය සිසු දරුවන් වෙනුවෙන් ඔහු මෙම පාසල ඉදිකර තිබෙනවා. චමින්ද වාස්ගේ ෆේස් බුක් ගිණුමේ මෙයට අදාළ විස්තරය පළ කර තිබෙනවා.