රාජ්‍ය ‌‌වෙසක් උත්සවය තොටගමු විහාරයේදී

මේ වසරේදි රජ්‍ය වෙසක් උත්සවය (ශ්‍රී බුද්ධ වර්ෂ 2563) මැයි මස 17 දින හා 18 දා රාජ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල හික්කඩුව, තෙල්වත්ත, තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතය. මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය.

 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි භෞතික සම්පත් සංවර්ධනය, මතින් තොර අධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් සමාජයක් බිහි කිරිම සඳහා ආධ්‍යාත්ඹක වැඩසටහන්  පැවැත්විම හා සවිමත් ආර්ථිකයක් හා බුදු දහමින් පෝෂිත සාහිත්‍ය හා කාලාවේ ප්‍ර බෝධයක් ඇති කිරිමේ වැඩසටහන් පැවැත්වීමටත් නියමිතය.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සඳහා  බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

2019 මාර්තුමස 20 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේවෙතත් රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලවල ස්ථාන ස්වපයක සවස 2.00 පමණපසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුළු හැකියාවක් පවති. බස්නාහිරසහ සබරගමුවපළාත්වල ඇතැම් ස්ථානවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. (ගිගුරුම්සහිතවැසිඇතිවනවිටඑමප්‍රදේශවලතාවකාලිකවතදසුළංඇතිවියහැක.අකුණුමඟින්සිදුවනඅනතුරුඅවමකරගැනීමටඅවශ්‍යපියවරගන්නාලෙසජනතාවගෙන්කාරුණිකවඉල්ලාසිටිනුලැබේ.)

2018දී අලුත් ක්ෂය රෝගීන් 8258ක්

2018 දී ශ්‍රී ලංකාව තුළ අලුතෙන් ක්ෂය රෝගීන් 8258ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. මෙයින් රෝගීන් 5827ක්ම පෙනහළු ආශ්‍රිතව ක්ෂය රෝගය වැළඳුණ පුද්ගලයන් වන බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙසේ සොයාගන්නා ලද රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් එනම් 40%ක් පමණ සොයාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්ෂය රෝගීන් 25%ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

බිඳිති ආසාදනයෙන් බෝවන රෝගයක් වන ක්ෂය රෝගය පැතිරයාම වළක්වා ගැනීම සදහා මහජන සහාය අවශ්‍ය බවත් රෝගය වැළඳුණ පුද්ගලයන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් ඔවුන් සඳහන් කරයි.

මුරලිගේ තරග වීරයා සම්මාන සියල්ලම කෞතුකාගාරයකට

ලෝකයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිය 19 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ගුණජය සතුට පදනමට (ගුඩ්නිස්) පරිත්‍යාග කර ඇත.

සීනිගම පිහිටා ඇති එම පදනමේ මූලස්ථානයේ ඉදිකිරීමට යෝජිත ‘මුරලි කෞතුකාගාරය’ වෙත මුරලි මෙසේ සිය තරග වීරයා සම්මානයන් පරිත්‍යාග කර ඇත.

එසේම මෙම කෞතුගාරය වෙත කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සිහිවටනයන් ලබාදෙන ලෙස මුරලි ඉල්ලීමක් කර ඇතැයිද එම පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර සඳහන් කරයි.

pakobserver.net ඇසුරෙනි

අධ්‍යාපන චාරිකාවක් ගිය සිසුන් රිය අනතුරක

පාසල් අධ්‍යාපන චාරිකාවක යමින් සිටි  ළමුන් පිරිසක් රැගත්  පුද්ගලික බස්රථයක්  අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත්කර තිබේ.

  අද (19දා) උදෑසන 08.30 පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සඳහා එකවර රථය නතර කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයකයකි. අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබේ.

රාහුල් සමන්ත

මඳුරකැටිය විදුහලට බඹර ප්‍රහාරයක්

මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ ගසක තිබූ බඹර කූඩුවක් අද  (19) දහවල් ඇවිස්සීමෙන්  එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙක්  පමණ මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කල බව මොනරාගල කලාප අධ්‍යක්ෂක සරත් බන්දු මහතා පැවසීය.

මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩුවකට සිසුවකු විසින් ගලක් ගැසීම නිසා  බඹරු ඇවිස්සී විවේක කාලයේ පාසැල් පරිශ්‍රයේ සිටි  සිසු සිසුවියන්ට බඹරුන් දෂ්ඨ කර තිබේ.

මෙම අවස්ථාවේදී පාසලේ ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් දරුවන් පාසලේ කාමර වලට දමා දොරවල් වසා තැබීම නිසා හානිය අවම වී තිබේ.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් විෂ ශරීරගතවී සිටි සිසු සිසුවියන් සුව සැරිය ගිලන් රථ මගින් රොහල් කරා ගෙන ගිය බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

මෙම සිද්ධියත් සමඟ අද දිනයේ පාසල වසා දැමූ බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.  

2019 මාර්තුමස 19 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ගුරුවරුන් 5,000ක් බඳවා ගනියි

අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකළ ගිරිඋල්ල රත්නාලංකාර මහා විද්‍යාලයේ ද්විතීයික කණිෂ්ඨ විද්‍යාගාරය සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපනයේ කිසිදු තනතුරකට දේශපාලන අතපෙවීම් නොකිරීම මගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට හැකියාව ලැබුණා. ගතවූ වසර 4ක කාලය තුළ කිසිදු නුසුදුසු ගුරුවරයෙකු අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර නොගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා විද්‍යාපීඨ බඳවා ගැනීම් දෙගුණ කිරීම සඳහා නේවාසිකාගාර ඇතුළු පහසුකම් සංවර්ධනය කර ඇති‍ අයුරු ද සඳහන් කළේය.

උපාධිධාරීන් 20,000කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3,500ක් බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කර ඇති බව ද සඳහන් කළේය.(ada)

මස්ටෑන්ග් කිරුළ රාජකීය විදුහලට

ගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම පරදා වසර 06කට පසු වාර්ෂික එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) පැවැත්විණි.

දෙවිදුහල් අතර වාර්ෂික නිල් මහ සටනට සමගාමීව මස්ටෑන්ග් කුසලානය වෙනුවෙන් මෙම තරගය පැවැත්වෙන අතර, මෙවර පැවැත්වූයේ 44 වැනි වරටය. මෙම කුසලානය රාජකීයයන් විසින් අවසන් වරට ජය ගත්තේ 2013 වර්ෂයේදීය.

තරගයේ ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජකීයයන් තරගය නිමා වීමට තවත් පන්දුවාර 02ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණ ලකුණ පසු කිරීමට සමත්විය. රාජකීය කණ්ඩායමට අවසන් මොහොතේදී ශක්තියක් වූ ළහිරු මධුෂංක පන්දු 17ක් තුළදී වේගවත් ලකුණු 46ක් රැස් කළේ හයේ පහර 06ක් හා එක් හතරේ පහරක් සහිතවයි. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශා.තෝමස් ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 255ක් රැස් කළහ. තරගයේ වීරයා සම්මානය ළහිරු මධුෂංක විසින් හිමිකර ගත්තේය.

කාලගුණයෙන් රතු නිවේදනයක්

අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

අද පස්වරු 11.00 තෙක් වලංගුවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. ඉහත සඳහන් කළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.