‘රුවනාර‘ ළමා සමාජයේ 11 වැනි සභාවාරයදා…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු ලබන රුවනාර ළමා සමාජ වැඩසටහන ප්‍රවීන සාහිත්‍ය දේශක ප්‍රේම් රංජිත් විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පැවැත්විණ. දිවයින පුරා විසිර සිටින පාසල් සිසු සිසුවියන් රැසකගෙන් සමන්විතව රුවනාර ළමා සමාජය රැස් වී තිබිණ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ නිෂ්පාදිකා ප්‍රියන්තනී ගමගේ යහම්පත් මහත්යගේ මෙහෙවීම යටතේ රුවනාර ළමා සමාජයේ ගුවන් විදුලි විකාශනය සෑම මසකම අවසාන සතියේ සෙනසුරාදා ප.ව. 5.00 සිට 5.45 දක්වා විකාශ කෙරේ. හත්වැනි රැස්වීම් වාරයේ වැඩසටහන විකාශ වන්නේ සැප්තැම්බර් 30 වැනි දිනය. 91.7 හෝ  91.9 ගුවන් විදුලි නාලිකා මගින් මෙම වැඩ සටහන ශ්‍රවණය කළ හැකිය.

            රුවනාර ළමා සමාජය, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ 7 ලිපිනයට තම නම, ලිපිනය හා දුරකථන අංකය සහිතව දන්වා එවීමෙන් එහි මී ළග රැස්වීමට සහභාගි වීමට දරුවන්ට අවස්ථාව ලබා ගත හැකිය.  

ඡායාරූප: රුෂිරු තරංග

 

පාසල් පුස්තකාල 3,312 කට දී රු මි 700 පොත්

පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.  

එමෙන්ම පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීමේ දී නිර්දේශ පුස්තකාල ග්‍රන්ථ නාමාවලියක් ද එදිනම එළිදැක්වුණි.

මේ වන විට විදුහල්පතිවරුන් පාසල් පුස්තකාල කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කරගනිමින් තම පාසල් පුස්තකාලවලට අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර විදුහල්පතිවරුන් විසින් එලෙස මිලදී ගන්නා පොත් හා ඊට වැය වූ මුදල් පිළිබද නැවත අධීක්ෂණයක් සිදු කිරීමටද නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

2017 දෙසැම්බර් මස 15 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. සෙසු පළාත්වල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැක. උතුරු සහ දකුණු පළාත්වල විටින් වි ටහමන (පැ.කි.මී. 40 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු වියහැක. බස්නාහිර,වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුලැබේ

කල්තොට රෝහණ විද්‍යාලයේ ෂෙහානිට රන් පදක්කමක්

පසුගියදා අවසන්වූ 2017 සබරගමු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දී උස පැනීම 14න් පහළ බාලිකා තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා රන්පදක්කම දිනා ගැනීමට ර/බළ/ කල්තොට රෝහණ විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෂෙහානි හිමංසා දෙව්මිණී මැණිකේ ශිෂ්‍යාව සමත් වූවාය.
ඇය මීට පෙර වසර දෙකක දී එම ඉසව්වෙන්ම පළාත් පරිසාධන මට්ටම ඉක්මවා දක්‍ෂතා පෙන්වූ ශිෂ්‍යාවකි. එමෙන් ම අධ්‍යාපනික කටයුතුවල දී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වල දී ද දක්‍ෂතා පෙන්වන ශිෂ්‍යාවක බවත් ක්‍රීඩා කේෂ්ත්‍රයේ සමස්ත ලංකා මට්ටමට යොමුකළ හැකි ක්‍රීඩිකාවක බවත් විදුහල්පති සනත් ධර්මරාජ මහතා පවසයි.      (මාධ්‍ය ඒකකය – කල්තොට රෝහණ විද්‍යාලය)

පහළ මාරගහවැව විද්‍යාර්ථයට ක්‍රිකට් ජයක්

නොච්චියාගම පහළමාරගහවැව විද්‍යාර්ථ මහා විද්‍යාලය හා නොච්චියාගම, පහළ හල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය අතර තෙවැනි වරටත් පැවති මහජන බැංකු සහයෝගීතා අභියෝග ශූරතා 2017 ක්‍රිකට් තරගයෙන් එම ශූරතාව පහළ මාරගහවැව විද්‍යාර්ථ කණ්ඩායමට හිමිවිය.
(නොච්චියාගම – සනී සමරසිංහ)

ඩෙංගු මර්දනයට බෝපේ රාජසිංහයෙන් ප්‍රදර්ශනයක්

බෝපේ රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරැ දැරියන් විසින් ඉදිරිපත් කරනු ලබන ඩෙංගු උවදුර මැඩ පැවැත්වීමේ අරමුණින් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීමේ ප්‍රදර්ශනයක් විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
විවිධ පුද්ගලයන් විසින් පරිසරයට මුදාහරින නොදිරන ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් සකස් කළ නිර්මාණ ද, මදුරැවන් බෝවීමේ ස්ථාන හඳුන්වාදීම ද සිදුකෙරැණි.
එම අවස්ථාවට විදුහල්පති ජේ. සී. කුමාරි නියෝජ්‍ය විදුහල්පති ඩී. කේ. සුරංගිකා අබේරත්න මහත්මිය, විදුහලේ ආචාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ හා ආරාධිත අමුත්තෝ රුසක් ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)

අගලවත්ත ගිරිකොළ විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම් උලෙළ දා…

අගලවත්ත ගිරිකොළ කනිෂ්ඨ විද්‍යාලයේ් ලෝක ළමා දින සැමරැම් උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලා‍ෙව්දී පැවැත්විණි. 
එම අවස්ථාවට සිසු සිසුවියන් විවිධ අංග යටතේ නර්ථන හා රංගන ඉදිරිපත් කළ අතර විද්‍යාලයේ ගුරැමණ්ඩලය ද සිසු සිසුවියන් ලෙසින් පාසල් නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණ අධ්‍යාපනය ලබන අවස්ථාවක් රඟදැක්විම දරැවන්ට මෙන්ම මවුපින්ටද සතුටක් ගෙන දෙන්නට සමත් වූය. විදුහල්පති සිසිර කුමාර විතානගේ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි .කේ අජිත් කුමාර, ඔෂධි නිසංසලා, අමිලා පරසු බෝධනි, ඉනෝකා යන සංවර්ධන නිලධාරිනිෙයා්ද දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි  සුසන්ත මනෝහර යන මහත්ම මහත්මිහු සහභාගී වූහ.  
(සුමති කුඩලිගම)


 

කීනදෙණිය ප්‍රාථමික විද්‍යාලයීය පෝතක බාලදක්ෂ දිනය දා…


මිනුවන්ගොඩ කීනදෙණිය ප්‍රාථමක විද්‍යාලයීය පෝතක බාලදක්ෂ නිල ලාංඡන පැලඳවීම පසුගියදා විද්‍යාල භූමියේදී පැවැත්විණි. ගම්පහ දිස්ත්‍රික් සහය කොමසාරිස් නීල් නන්දසිරි මහතා,ගම්පහ දිසා බාලදක්ෂ පෝතක සහය දිසා කොමසාරිස් ඉරොමා පෙරේරා,ගෝතමී බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකා ආචාර්ය හේමමාලා ගුණසිංහ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ. 

හංවැල්ල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දා

හංවැල්ල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය ගුරැබෑවිල දිසානායක හංවැල්ල මීසම් සේවක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් කළුඅග්ගල වික්ෂෝෂ දේවමාතා දෙව් මැදුරැ භූමියේ දී පසුගිය දා පැවැත්වුණි.
හංවැල්ල මීසමේ හංවැල්ල පහත්ගම, යටිමෝවිට, නිරිපොළ, වේල්ගම, කළුඅග්ගල යන දෙව්මැදුරැවලට අයත් දහම් පාසල්වල ඉගෙනුම ලබන දරැවෝ විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තැන්පත් කරන ලද විශේෂ කරඬුව රුගෙන යන පෙරහැරට ඔවුහු සියලු දෙනාම මෙලෙස සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ – නිහාල් වෙත්තසිංහ)

මහජනයා සඳහා කාලගුණ අනාවැකි 2017 දෙසැම්බර් මස14 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. දිවයින පුරා වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් තවදුරටත් අපේක්‍ෂා කෙරේ. දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල (මි.මි.100 පමණ) තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)